May 19, 2024

පාර්ලිමේන්තු කටයුතු අඩපණ කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්

February 08, 2016

පාර්ලිමේන්තුවේ වෙනම ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නා බවට කථානායක කරු ජයසූරීය මහතා හෙට (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ නොකළොත් සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි වන සේ සම්මත හා අසම්මත ලෙස බාධා කරමින් විරෝධතා දක්‌වන බව එජනිස මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් පනස්‌ දෙදෙනා එකවර නොව පනස්‌ දෙවතාවකදීම නැගිට "මා ස්‌වාධීනයි" යනුවෙන් 10 වැනිදා සභාවේදී ප්‍රකාශයක්‌ කිරීමට සූදානම් වන බව ද කථානායකවරයා ඊට ද යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වුවොත් තම විරෝධතාව තවත් දරුණු අතට හරවන බව ද ප්‍රකාශ කර ඇති සොයිසා මහතා ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂය තුළ වෙනම කණ්‌ඩායමක්‌ සේ පිළිගන්නා ලෙසට මීට සති දෙකකට පෙර කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද කියා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 09:35