May 19, 2024

බත්තලංගුණ්ඩුව ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක්

February 08, 2016

කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ ධීවර බෝට්ටු කිහිපයකට යම් පිරිසක් හානි සිදුකර තිබේ.

මෙම ප්‍රදේශයේ ධීවරයන් ලයිලා හා සුරුක්කු තහනම් දැල් මගින් මසුන් මැරීමට විරුද්ධ පිරිසක් බවත් ඒ හේතුවෙන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය පවසයි.

ධීවර බෝට්ටු 80ක් පමණ කල්පිටිය ජැටියේ නවතා තිබියදී එහි තිබූ බෝට්ටු 11කට පමණ අලාභ හානි සිදුකර ඇති බවත් රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් ඉන් සිදුව ඇති බවත් ධීවරයෝ ප්‍රකාශ කර තිබේ.

 

Rate this item
(0 votes)