May 19, 2024

එක්නැලිගොඩ සිද්ධියට හසු වූ බුද්ධි අංශ නිළධාරියා යළි රිමාන්ඩ්

February 08, 2016

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික නිලධාරීවරයෙකු වන කණිෂ්ක ගුණරත්න මහතා ඊයේ (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

වැඩ බලන මහේස්ත්‍රාත් සුදර්ශන සූරියප්පෙරුම මහතා නියෝග කළේ ඔහු 09වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.

Rate this item
(1 Vote)