May 19, 2024

විමල්ගෙන්, සෙයිද් කුමරුට එරෙහි උද්ඝෝෂණයක්

February 06, 2016

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වන සෙයිද් රාද් අල්හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ අද (06) පස්වරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ලිප්ටන් වටරවුමේ සිට පාගමනක පැමිණි එම පිරිස තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසළ විරෝධතාව සිදු කළ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂ ප්‍රධානින් කිහිපදෙනෙක් ද මෙයට සම්බන්ධ විය.

පොලීසිය විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා තිබූ අතර විරෝධතාකරුවන් පැයක පමණ කාලයකින් පසු විසිර ගියහ.

Rate this item
(1 Vote)