May 19, 2024

සුෂ්මා ස්වරාජ් ජනපති හමු වෙයි

February 06, 2016

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (06) පැවැත් විය.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව පැවැති බව වාර්තා වේ. පැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ඉන්දිය විදේශ අමාත්‍යවරිය අතර සාකච්ඡා පවත්වා තිබේ.

එහි දී දෙරටට වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහි දී මෙරට සංහිදියා ක්‍රියාවලියට සහ සංවර්ධන කටයුතු සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලෙස සිය ස්තූතිය පළ කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී පවසා ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 February 2016 14:44