May 19, 2024

පිළිකා රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්‌

February 07, 2016

ශ්‍රී ලංකාවෙන් වාර්ෂික ව වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

ඒ යටතේ මෙරටින් අලුතින් හඳුනාගනු ලබන කාන්තා පිළිකා රෝගීන්ගෙන් 25% කට වැළඳී ඇත්තේ පියයුරු පිළිකාව බව අනාවරණය වී තිබේ.

2009 වසරේ දී මෙරටින් පිළිකා රෝගීන් 16,888 දෙනකු වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව වසරෙන් වසර වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය සඳහන් කරයි.

මේ වනවිට හඳුනාගෙන ඇති පිළිකාවන්ගෙන් 1/3 ක්‌ නිරෝගී ජීවන රටාවක්‌ ඇතිකර ගැනීමෙන් වළක්‌වා ගත හැකි බව අනාවරණය වී ඇත. ඒ යටතේ යහපත් ජීවන රටාව, හොඳ ආහාර පුරුදු ඇතිකර ගැනීම, ව්‍යායාමයේ යෙදීම, මානසික ආතතිය වළක්‌වා ගැනීම හා මද්‍යසාර දුම්කොළ හා දුම්වැටි භාවිතයෙන් වැළැකීම යන ක්‍රියාමාර්ග හරහා පිළිකාවන්ට ගොදුරුවීමෙන් වැළකී සිටිය හැකි බව ඇය පෙන්වා දෙයි.

එහි දී තෙල්, සීනි හා ලුණු බහුල ආහාර භාවිතය සීමා කිරීම, සොසේජස්‌, මීට්‌ බෝල්ස්‌ වැනි සකසන ලද මස්‌ භාවිතය සීමා කිරීම, හිතකර මේදය සහිත මාළු ආහාරයට එකතු කර ගැනීම පුද්ගලයාගේ උසට සරිලන බර පවත්වාගත හැකි පරිදි පිෂ්ඨය සහිත ආහාර නියමිත ප්‍රමාණයෙන් ගැනීම හා ස්‌වභාවික එළවළු, පළතුරු හා පලා වර්ග බහුල ව ආහාරයට ගැනීම හරහා පිළිකාවන් ඇතිවීම වළක්‌වා ගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 February 2016 13:58