May 19, 2024

කෑගල්ලට අලුතින් පොලිසි 03ක්

February 06, 2016

නීතිය හා සාමය ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ සුභසිද්ධිය සැලසීමට කෑගල්ල දිස්ත‍්‍රික්කයට නව පොලිස් ස්ථාන 03 ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (05) කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙම නව පොලිස් ස්ථාන 03 ඉඹුල්ගස්දෙණිය, ගලිගමුව සහ මොරොන්තොට යන ප‍්‍රදේශයන්හි ස්ථාපනය කිරීමට නියමිත බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ය.

පින්නවල ප‍්‍රදේශයේ අලි අනාථාගාරය සහ අලුතින් ආරම්භ කළ සත්ත්වෝද්‍යානය හේතුවෙන් එම ප‍්‍රදේශය සංචාරක පාරාදීසයක් බවට පත් ව ඇති බව ඔහු සඳහන් කළ අතර ඒ හේතුවෙන්  ස්ථාපිත කිරීමට නියමිත නව පොලිස් ස්ථාන 03 ට අමතර ව පින්නවල ප‍්‍රදේශයට නව පොලිස් මුරපොළක් ලබාදීමට ද කටයුතු කරන බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)