May 19, 2024

භික්ෂු පනත ගැන සාකච්ඡා තවදුරටත් 

February 06, 2016

ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අධිකරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කරයි. 

ඔහු මේ බව පැවසූවේ මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරු ව ය.

කථිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවක් අවශ්‍ය බව මහනායක හිමිවරුන් දැනුම් දුන් බවත් ඉදිරියේ දී තවත් පාර්ශ්ව කිහිපයක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)