May 19, 2024

පොල් සම්බෝල කෑ කතක් මරුට

February 06, 2016

උදැසන ආහාරයට ගත් පාන් සහ පොල් සම්බෝල උගුරේ සිරවී නිදහස් දිනය දා අනුරාධපුර නගරයේ සංචාරයක පැමිණි කාන්තාවක් ජිවිතක්ෂයට පත් වී තිබේ.

උදැසන මහ කනදරාව වැව් බැම්ම මත උදැසන ආහාරය ගනිමින් සිටිය දී මෙසේ මිය ගොස් ඇත්තේ ඉසුරුපාය පුත්තලම පාර මුන්නැකුළම පදිංචිව සිටි ධම්මිකා කුළරත්න පෙරේරා නමැති 41 හැවිරිදි දෙදරු මවකි.

මිය ගිය කන්තාව සැමියා දරුවන් ඇතුළු පිරිසක් සමඟින් බස් රථයකින් අනුරාධපුර වන්දනාවේ පැමිණ පසුව මිහින්තලය වැදපුදා ගැනීමට ද ගොස් තිබෙන අතර මහ කනදරාව වැව් බැම්ම මතට වි කාන්තව දරුවන් සමග පාන් කමින් සිටියදි ඇය යම් අපහසුතාවකට පත්ව සිටින බව දරුවෙකුට හැගී ඒ පිළිබදව කාන්තාවගේ සැමියාට දන්වා ඇත.

ආහාර සිරවි ඇය අපහසුවෙන් සිටින බව දැන ගත් සැමියා ඇයව කඩිනමින් ප්‍රතිකාර සදහා මිහින්තලය රෝහලට ගෙන ගියත් වෛද්‍යවරුන් ඇය පරික්ෂාවට ලක්කර මිය ගොස් ඇති බව තහවුරු කර තිබුණි.

Rate this item
(1 Vote)