May 05, 2024

පොදුරද මඬුලු අාසියා කලාප සමුළුව අද කොළඹ දී

February 01, 2016

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පොදු රද මඬුලු ආසියා කලාප සමුළුව කොළඹදී ආරම්භ වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සංවිධානය කර ඇති සමුළුව දින තුනක කාලයක් පැවැත්වීමට නියමිත අතර බංගලාදේශය, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, පාකිස්ථානය යන රටවල නියෝජිතයන් මීට සහභාගී වීමට නියමිතය. 

"මානව හිමිකම් සුරැකීමේ දී හා ප්‍රවර්ධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව" යන්න මෙවර සමුළුවෙහි තේමාව වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට මැති ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2016 11:33