May 05, 2024

විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

February 01, 2016

නවීන තාක්ෂණයෙන්යුත් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකළ විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය ඊයේ (31) ජනතා අයිතියට පත්කෙරුණි.

මොණරාගල බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාර්මික ජනපදයෙහි මෙම ධාන්‍ය ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මෙරට ගොවියාගේ ආර්ථික සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගබඩා සංකීර්ණය සඳහා රු.මිලියන 260 ක වියදමක් දරා ඇති බව වාර්තා වේ.‍ෙ

ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ඉදිවූ මෙම නව ගබඩා සංකීර්ණය නිසා ගොවි අස්වනු කිසිදු හානියකින් තොරව ගබඩාකර තැබීමටත්, විවිධ ධාන්‍ය වර්ගවල අනන්‍යතාව ආරක්ෂාවන පරිදි ඒවා ගබඩා කර තැබීමටත් හැකියාව ඇති අතර මෙහි සුවීශේෂීත්වය වන්නේ එක් වරකට ධාන්‍ය මෙට්‍රික් ටොන් 20,000 ක් සම්මත ක්‍රමවේදය තුළ ගබඩා කිරීමට ඇති හැකියාවයි. 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2016 09:56