May 05, 2024

නිල ඇඳුම් වව්චර්පත්වල කාලය දීර්ඝ කරයි

February 01, 2016

පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා නිකුත් කළ වව්චර්පත්වල කාලය මාසයකින් දිගු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි 31 වැනිදායින් කල් ඉකුත්වීමට නියමිත වව්චර්පත්වල කාලය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කළ බවත් මේ සම්බන්ධයෙන් මුදල් ගෙවීම් සිදු කරන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කළමනාකරුවන් දැනුවත් කළ බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට පාසල් දරුවන් සියලුදෙනාට වව්චර්පත් ලබා දී අවසන් බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය කවර හේතුවක් මත හෝ නිලඇඳුම් රෙදි ලබා ගැනීමට නොහැකි වූ දරුවන්ට මෙමගින් සහනයක් ලැබෙනු ඇති බව ප්‍රකාශ කරයි.

 

 

Rate this item
(0 votes)