June 18, 2024

කොළඹ ප්‍ර‍ධාන පාසල් රැසකට නව විදුහල්පතිවරු

කොළඹ රාජකීය විදුහල ඇතුළු ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයකම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව විදුහල්පතිවරුන් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව තර්ස්‌ටන් විදුහලේ විදුහල්පතිවරයාව සිටි බී. ඒ. අබේරත්න මහතා රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්කර තිබේ. 

තර්ස්‌ටන් විදුහලේ හිස්‌ වූ විදුහල්පති ධුරය සඳහා රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති ඊ. එම්. එස්‌. ඒකනායක මහතා පත්කරනු ලැබ ඇති අතර රිච්මන්ඩ් විදුහල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයාව සිටි සම්පත් වේරගොඩ මහතා පත්කර ඇත. වේරගොඩ මහතා මොරටුව වේල්ස්‌ කුමාර විදුහලේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම මහනුවර කිංස්‌වුඩ් විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස ආර්. ඩී. බී. වීරතුංග මහතා පත්කරනු ලැබ තිබේ. වීරතුංග මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරමින් සිටියේය.

මේ අතර දැනට පවතින තත්ත්වය අනුව තමන්ට ද වෙනත් තනතුරු ලබා දෙන්නැයි කොළඹ හා මහනුවර ප්‍රධාන ජාතික පාසල් දෙකක විදුහල්පතිවරුන් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි එම පාසල් ආදි ශිෂ්‍ය සංගම් ආරංචි මාර්ග පැවසීය.

Rate this item
(0 votes)