May 20, 2024

ඇඹිලිපිටිය සිදුවීමෙන් මාධ්‍ය ප්‍රකාශක ඉවත්වෙයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් මියගිය ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ ඥාතී පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු වලින් තමන් ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මරණයට අදාළව පැවැත්වෙන සාක්ෂි විමසීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධවීම ගැන ඇතැම් නීතීඥයින්ගෙන් මෙන්ම ඔහුගේ ඥාතී පාර්ශවයෙන් ද පසුගිය දිනවල අප්‍රසාදය පළවී තිබිණි.

කෙසේ වෙතත් තමන් සාක්ෂි විමසීමට සම්බන්ධ වූයේ පොලිස්පතිවරයාගේ අවසරය මත බව එකී චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන් කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා පොලිස්පතිවරයා විසින් වෙනත් අයෙකු පත් කරනු ඇති බවය.
 

Rate this item
(0 votes)