May 20, 2024

රජ පවුලක අයෙක් සතුව බිලියන 1.089ක් - තවත් තිදෙනෙකු ගැන ඇමති රාජිත හෙළි කරයි

ඩුබායිහි බැංකුවක කළු සල්ලි අමෙරිකානු ඩොලර් මිලියන 3393 ක් තැන්පත්කර ඇති මෙරට පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.

ඒ අතරින් එක් පුද්ගලයෙකු රජ පවුලක සාමාජිකයෙකු බවත්, ඔහුගේ ගිණුමේ අමෙරිකානු ඩොලර් බිලියන 1.089 ක මුදලක් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එම රජපවුලට කිට්ටු සම්බන්ධතාවක් ඇති ව්‍යාපාරික මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක අමෙරිකානු ඩොලර් මිලියන 504 ක් ඇතිබවත්, එමෙන්ම පසුගිය රජයේ හිටපු ලේකම්වරයෙකු සහ ආයතනයක සභාපතිවරයෙකුගේ එකතුවෙන් ඇති බද්ධ ගිණුමක අමෙරිකානු ඩොලර් බිලියන 1.8 තැන්පත්කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා හෙළිකළේය.

එම පුද්ගලයන්ගේ ඩුබායි බැංකු ගිණුම් පිළිබඳ තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බවත්, සිංගප්පූරු බැංකු ගිණුම්පිළිබඳ තොරතුරු ලැබී නොමැතිබවත් හෙතෙම සඳහන් කළේය.

අදාළ ගිණුම් සම්බන්ධසියලුම දත්ත මේවනවිට ලැබෙමින් පවතින බවත් ඒ සියල්ල ලැබුණු පසු මේසම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසී ය.

 

 

Rate this item
(0 votes)