May 19, 2024

මාතර ගින්නක් - කෝටි ගණනක දේපල හානි (PHOTOS)

මාතර කොටුවේගොඩ පරණ තංගල්ල පාරේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ.

රසායන ද්‍රව්‍ය, තීන්ත හා ධීවර ආම්පන්න කඩයකින් ගින්න ඇරඹී ඇති අතර පසුව රෙදි කඩ කිහිපයකට ගින්න පැතිර ඇත. 

මාතර නගර සභා ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට මේ වන විටත් උත්සහ ගනිමින් සිටින අතර ගාල්ලෙන් හා තංගල්ලෙන් ද අතිරේක ගිනි නිවන ඒකක මාතරට ගෙන්වීමට කටයුතු යොදා තිබේ.

මේ වන විට දරුණු ලෙස පැතිර යන ගින්න හේතුවෙන් දැනටමත් රුපියල් කෝටි ගණනක හානියක් සිදුවී ඇති බව වෙළෙන්දෝ පවසති.

මේ අතර මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද හට ගෙන ඇති අතර කලබල වී ඇති ප්‍රදේශවාසීන් පාලනය සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද කැඳවනු ලැබ ඇත.

(ඡායාරූප - ලංකාදීප)

Rate this item
(0 votes)