May 19, 2024

තයිපොන්ගල් සැමරීමට උතුර සූදානම් (PHOTOS)

දෙමළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් (15) උදාවන නව වර්ෂ උදාව නොහොත් තයිපොන්ගල් උදාව මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සූදානම්වන බව අප වාර්තාකරු සඳහන් කරයි.

උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දිනය පුරා වෙළෙඳ සැල් වෙතට ගොස් අලුතින් වලන්, ඇඳුම් පැළඳුම් හා ආහාර පාන මිලට ගැනීම සඳහා මහත් උද්යෝගයෙන් කටයුතු කර තිබේ.

හෙටින් උදාවන තයිපොන්ගල් උදාවේ උදෑසනම දෙමළ බැතිමතුන් විසින් උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් උක් සකුරු හා පළතුරුවලින් සාදා ගන්නා ලද කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන් හට සිදු කරන සූර්ය දේව විශේෂ පූජාවක් සිදු කරයි.

එසේ ම මේ වසරේ ද තම කෙත් වතු සරු සාර වේවා යන සිතුවිල්ල පෙරදැරි ව ඔවුන් එම පූජාව පවත්වයි.

වන්නි රොමේෂ් මදුශංක

 

Rate this item
(0 votes)