May 19, 2024

සඟවා තිබූ ලක්ෂ 04 ක පොහොර තොගයක් අත්අඩංගුවට

වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් සඟවා තිබූ රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනාකමින් යුත් යූරියා වර්ගයේ පොහොර මිටි 103 ක් වැලිමඩ නගරයේ ගබඩා කර තිබිය දී බදුල්ල පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබී ය.

එම ප්‍රදේශයේ ගොවීන් පොහොර නොමැති ව අසරණ වී සිටින බවටත් පොහොර හිඟයක් මවා පෑමට වෙළෙඳසැල් හිමියන් කටයුතු කරන බවටත් ගොවීහු චෝදනා කරති.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)