May 19, 2024

සාටකධාරියෙකුගේ ආශිර්වාදයෙන් නව සන්ධානයක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සිදු කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ජයක් හිමි නොවන බව පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ එකමුතුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සාටකය සහිත මහජන නියෝජිතයෙකුගේ ආශීර්වාදයෙන් පිහිටුවනු ලබන සන්ධානයකින් පැමිණ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ කැඳවුම්කරු මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

නව සන්ධානයක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන හිටපු හා දැනට සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් 98% ක් කැමැත්ත පළකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)