May 19, 2024

ජකර්තා ප්‍රහාරයෙන් ලාංකිකයින්ට අනතුරක් නැහැ

අද උදෑසන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් 7 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

ජකර්තා නුවර පිහිටි ජනපති මැදුර සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල දී මෙම ප්‍රහාරය සිදු විය.

ප්‍රහාරයෙන්මියගිය පිරිස අතර පොලිස් නිළධාරියෙකු මෙන්ම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ද සිටින බව සඳහන් වේ.

එමෙන්ම මියගිය අය අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අතර ඉන්දුනීසියානු ත්‍රස්ත ප්‍රහාරයෙන් එරට වෙසෙන කිසිදු ලාංකිකයෙකුට අනතුරක් සිදු වී නොමැති බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

එරට ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා මහතා සඳහන් කළේ ලාංකිකයින් 130ක් පමණ ජකර්තා නගරයේ සිටින බවත්, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් ය.

Rate this item
(0 votes)