May 19, 2024

'විජේදාසගේ සරම් ගලවන' කතාවකට ෆොන්සේකා පිළිතුරු දෙයි (VIDEO)

කොළඹ දී ඊයෙ (13) පැවැති මාධ්‍ය හමුවකදී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටියේය.

"නීතිපති සුමානයක් යන්න කලින් නියෝගයක් දුන්නා හිරුණිකා අත්අඩංගුවට ගන්න කියලා. නමුත් ඇවන්ට්ගාඩ් එකේ තියෙන කෝටි ගණන් මිලියන ගණන් ගනුදෙනු ගැන  තීන්දුවක් දෙන්න බැරිව නීතිපතිගේ දිව ගැටගැහිලා මනස විකෘතිවෙලා එයා මේවා ඉස්සරහට පස්සට ඇද දමමින් ඉන්නවා" යැයි ෆොන්සේකා මහතා සදහන් කළේය.

ඇවන්ට්ගාඩ් ගිවිසුමේ පිටු 3000 ක් ඇතැයි පවසමින් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ජනතාව මුලාකරන බවත්, 2012 වසරේ සිට 2014 දක්වා අත්සන් කළ ගිවිසුම් 06 ද ඇතුළුව එම වසරේදී අන්තිමට ගැසූ 07 වැනි ගිවිසුමේ ඇත්තේ පිටු 10ක් බවත්, ෆොන්සේකා මහතා පැවසීය.

මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේ එම ගිවිසුම බවත්, එය ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් බවත්, ඉංග්‍රීසි නොදන්නා අය කියමින් ඔහු මඩ ගහන්නේ ඇතැම් විට ජවිපෙ සාමාජිකයින්ට විය හැකි බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

එම ගිවිසුමට අනූව එය කඩකළොත් හෝ ඇවන්ට්ගාඩ් අවි ගබඩාව කුණාටුවකට හසුව ගිළුණහොත් ආණ්ඩුව ඩොලර් මිලියන 20 ක් ගෙවිය යුතු බවත්, ඒ අනුව එය කෙතරම් අසාධාරණ ගිවිසුමක්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

එසේම තමාගේ සරම ගලවනවා කියා ඇති බවත්, ලොකු රාජපක්ෂට ගලවන්න බැරිවුණ අපේ සරම් ඇවන්ට්ගාඩ් අධිපති පොඩි රාජපක්ෂ ගලවන්නේ කෙසේද යන්නත් ෆොන්සේකා මහතා එහිදී උපහාසාත්මකව ප්‍රකාශකර සිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)