May 19, 2024

මත්තල ගුවන්තොටුපොලෙන් වී ඉවත් කරයි (PHOTOS)

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගබඩා කර තිබූ වී තොග ඉවත් කිරීමේ කටයුතු අද (14) ආරම්භ විය.

වී අලෙවි මණ්ඩලය මගින් 2014-09-02 වී මෙට්ට්‍රික් ටොන් 4000 ක් ගබඩා කර තිබූ අතර එය මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් ද විය.

පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් වී තොග ඉවත් කිරීම සිදු වූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

මූලික වශයෙන් වී කිලෝ 595,000 ක් මුදා හැරිම සිදු කළ අතර ඉදිරි දිනවල සියලු තොග ඉවත් කරන බව අමාත්‍යවරයා පැවසී ය.

වී අලෙවි මණ්ඩලය වී කිලෝවක් රුපියල් 45.00 ට මිළ දී ගෙන රුපියල් 42.00 ට අලෙවි කිරීම සිදු කරයි.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(1 Vote)