May 18, 2024

ජකර්තාවට ත්‍රස්ත ප්‍රහාරයක් (PHOTOS)

මීට සුළු මොහොතකට පෙර ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙහි දී පිපිරුම් කිහිපයක් සහ වෙඩි හුවමාරු සිදුව ඇති බවට වාර්තා වන අතර තවමත් එක් තුවක්කුකරුවෙකු එහි රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

ජකර්තාවේ ජනාකීර්ණ පෙදෙසක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර පොලිස් මුරපොලක් ද මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.

මේ වන විට වාර්තා වන්නේ මෙම ප්‍රහාරයෙන් අඩුම ගණනේ හයදෙනෙකු මියගොස් ඇති බව යි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පහළ වී අැත.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2016 11:28