May 18, 2024

අගමැතිගේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය නෑ (VIDEO) 

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාවට මේ වනතෙක් ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමි ව නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඒකාබද්ද විපක්ෂය විසින් අද (13)  කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එසේම ආණ්ඩුව තුළ මේ වනවිට බෙදීම් ඇති වී ඇති බවත් මෙරටේ මේ වනවිට පොලිස් රාජ්‍යක් බිහි වී ඇති බවත් ඒ මහතා එහි දී වැඩිදුරටත්  අවධාරණය කළේ ය.

පසුගිය දින පාන් මිල වැඩි කළ ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකරන බව එම මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටී.

මේ වනවිට මෙරට ආයෝජන බරපතළ තත්ත්වයකට පත් වී ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

තවද මේ වනවිට පාර්ලිමේන්තුව නිසි අයුරින් රැස් නොවන බව ද ඒ මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කරයි.

එම වීඩියෝව පහතින්, 

 

Rate this item
(0 votes)