May 18, 2024

ඇඹිලිපිටිය තරුණයාගේ බිරියගෙන් තවත් ප්‍රකාශයක්!

ඇඹිලිපිටියේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමෙන් මියගිය තරුණයාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද (14) දිනයේත් සිදුකෙරෙයි.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, සාක්ෂි ලබා දීම ආරම්භ වූයේ, ඊයේ දිනයේදී ය.

ඊයේ දිනයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සාක්ෂි විමසීම සිදුකර ඇති අතර අද පස්වරු 2.00 ට යළි සාක්ෂි විමසීම ආරම්භ වූ පසු තවත් පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි විමසීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඇඹිලිපිටිය ගැටුමෙන් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳ තුන් වන වරටත් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇයගේ එම ලිඛිත සාක්ෂිය ද අද දිනයේ විභාග කිරීමට නියමිතව ඇති බව ය.

මේ අතර ඇඹිලිපිටිය ගැටුම  පිළිබඳ පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ වාර්තාවක් ලබා දුන් බව පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එම සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව අද පැවැත්වෙන පොලිස් කොමිෂන් සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව බව ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2016 09:54