May 18, 2024

ධම්මාලෝක හිමි හමුවීමට රහස් පොලිසිය රෝහලට - මහින්දත් එයි

බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ (13) රාත්‍රී කොළඹ නවලෝක රෝහලට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රාත්‍රී 10.30 වන විටත් ධම්මාලොක හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වී ඇති අතර අතර රහස් පොලිස් නිලධාරීහු රෝහල අසල රැඳී සිට ඇත.

බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධ නඩුව අද දින (14) කැඳවීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඊයේ (13) උදෑසන ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කැඳවූ බවත්, අසනීප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ගෙන ප්‍රකාශයක් දීමට පැමිණෙන බව ඒ හිමියන් දැනුම් දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහක් කර තිබේ.

ධම්මාලෝක හිමියන් නොපැමිණි නිසා රහස් පොලිසිය නවලෝක රෝහලට ගිය බවයි  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

තව ද ඊයේ රාත්‍රී 9.45ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකු ද උන්වහන්සේ බැහැදැකීමට රෝහලට පැමිණ තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2016 11:28