May 18, 2024

සේයා ඝාතන නඩුව 25 වැනි දා සිට දිනපතා විභාගයට 

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳ නඩුව ජනවාරි මස 25 වැනි දා සිට දිනපතා විභාග කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (13) නියෝග කර තිබේ.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන සමන් ජයලත් නමැත්තාට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති 30 දෙනාට සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරිය එහි ලේඛකාධිකාරීවරයාට නියෝග කර ඇත.

සේයා සදෙව්මි දැරිය 2015 වසරේ සැප්තැම්බර් 12 වැනි දා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සැකපිට පාසල් සිසුවෙකු, එක්දරු පියෙකු මෙන්ම සමන් ජයලත් නමැත්තාගේ සහෝදරයාවන කොණ්ඩයා නමැත්තා අත්අඩංගුවට ගෙන පසු ව මුදා හැරීමට පියවර ගත්තේ ය.

කෙසේ වුව ද සිද්ධිය සම්බන්ධයෙන් පසු ව අත්අඩංගුවට ගත් සමන් ජයලත් නැමැත්තාගේ DNA  සාම්පල සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සමග ගැළපෙන බවට අනාවරණ විය. 

සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2015 වසරේ නොවැම්බර් 23 වැනි දා මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර එහි දී එම චෝදනාවලට තමන් වැරදිකරු බව සමන් ජයලත් නමැත්තා ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2016 09:13