May 18, 2024

පළමු ශ්‍රේණියට සිසුන් 350,000ක් 

2016 වසර සඳහා පළමු ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසුන් 350,000 ක් බඳවා ගැනීම අද (14) සිට ආරම්භ කෙරෙන බවත් එහි ජාතික උත්සවය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මේ වනවිට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් 9480 ක් සඳහා සිසුන් 350,000ක් සිසු සිසුවියන් පමණ මේ වසරේ දී ඇතුළත් කර ගන්නා බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජාතික උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, රාජ්‍ය අමාත්‍ය වී.එම්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වේ.

මේ වසරේ සිට පළමු වැනි ශ්‍රේණිය සඳහා නව විෂය මාලවක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ඊට අදාළ පෙළපොත් සහ වැඩපොත් ද මේ වනවිට පාසල් වෙත යොමු කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ විෂය නිර්දේශ, ගුරු උපදෙස් සංග්‍රහයන් සකස් කිරීම සහ සියලු ප්‍රාථමික අධ්‍යාපන නිලධාරීන් සහ ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම මේ වනවිටත් සිදුකර අවසන් බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)