May 18, 2024

ගිනි පෙට්ටි හිඟය තවදුරටත් 

රට තුළ තිබෙන උග්‍ර ගිනි පෙට්ටි හිඟය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගිනි පෙට්ටියක මිල රුපියල් 10 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගිනි පෙට්ටි වෙනුවට ලයිටර් මිල දී ගැනීමට ජනතාවට සිදු ව ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

ගිනි පෙට්ටි යනු රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් මෙම භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් විදේශ රටවලින් ගෙන්වන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි.

එලෙස වෙඩි බෙහෙත් ගෙන්වීමේ දී ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ගිනි පෙට්ටි නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වී තිබෙන බවට ගිනි පෙට්ටි නිෂ්පාදකයන් සඳහන් කරන බව හෙතෙම පවසයි.

මේ හේතුවෙන් රජය වහාම මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවත්, ගිනි පෙට්ටි වෙනුවට වෙනත් විකල්ප භාවිතා කිරීමට යාමේ දී විවිධ අනතුරු ද ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

මීට අමතරව භාණ්ඩ මිල දී ගැනීමේ දී ඉතුරු මුදල් වෙනුවට ගිනි පෙට්ටියක් ලබාදීම වැනි ක්‍රියා සිදු වූ බවත් එහෙත් පවතින ගිනි පෙට්ටි හිඟය හේතුවෙන් මුදල් ඉතුරු මුදල් වෙනුවට ටොපි, චොකලට් වැනි දේ ලබාදෙන බවත් සභාපතිවරයා පවසයි.

 

Rate this item
(0 votes)