May 18, 2024

උද්ඝෝෂණයේ නිරත වෛද්‍ය සිසුන් 6කට අධිකරණ නියෝගයක්

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුන් 6දෙනෙකුට ජනපති ලේකම් කාර්යාලය ආසන්න ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් හා එම ප්‍රදේශය තුළ කලහකාරී ලෙස හැසිරීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (13) තහනම් නියෝගයක් නිකුත් කළේය. 

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග ලබාදී ඇත්තේ කොළඹ කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මතයි.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් මේවන විට කොළඹ කොටුව ආශ්‍රිතව රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මේ සඳහා 1500ක පමණ පිරිසක් එක්ව සිටින බවත් ඔවුන් පිටකොටුව, ඕල්කට් මාවත ප්‍රදේශයේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා පා ගමනින් පැමිණෙමින් සිටින බවත් පොලීසිය පැවසීය.

‍මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක වේ.

Rate this item
(0 votes)