May 18, 2024

මත්තල ගුවන්තොටුපොළේ වී හෙට ඉවත් කෙරේ

මත්තල ගුවන්තොටුපලේ වී තොග හෙට (14) සිට මුදා හැරීමට කටයුතු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

මත්තල වී ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් යම් යම් විරෝධතා මතු වුව ද ගොවීන්ගේ වී මිල දී ගෙන ගබඩා කිරීම තුළින් ගොවීන්ට සෙතක් සැලසුණු බව හෙතෙම පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන පී. හැරිසන් මහතා "මුල් කාලීන ව වී ආණ්ඩුවට ගන්නේ නෑ කියලා ආණ්ඩුවට මැසිවිලි නැගුවා. අපේ ආණ්ඩුව තමයි ආණ්ඩුවේ වැඩිම වී තොග මිල දී ගත්තේ රජයක් විදිටට. ප්‍රථම වතාවට වී අලෙවි මණ්ඩලය වී ටෙන්ඩර් කරලා විකුනන්න පටන් ගත්තා. හැමදාම ඇමතිතුමාගේ ලේකම්තුමාගේ ලැයිස්තුවට වී නිකුත් කෙරුවේ, හැබැයි අපි බොහොම විනිවිද භාවයෙන් නිකුත් කරන්න පටන්ගෙන තිබෙනවා." යනුවෙන් සඳහන් කළේ ය.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(0 votes)