May 18, 2024

රාත්‍රිය උණුසුම් වූ අසාමාන්‍ය තත්ත්වය ගැන හෙළිවෙයි

මේ දිනවල රාත්‍රි කාලයේ දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳ ඒෂියන් මිරර් කළ විමසීමක දී කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ සාමාන්‍යයෙන් ජනවාරි මාසය යනු සෙසු මාසවලට වඩා සීතල බවත් පසුගිය දින කිහිපය දෙස බැලීමේ දී සාමාන්‍ය අගයට වඩා අංශකයක් දෙකක් වැඩි බවත් ය.

ජනවාරි මාසයේ සුළං හැමිය යුත්තේ ඉන්දියාවේ සිට ය. එහෙත් ජනවාරි මාසය නැගෙනහිර මුහුදේ සිට සුළඟ හැමූ බැවින් සුපුරුදු ලෙස අපේක්ෂා කළ සීතල නොලැබුණු බවත් ඇය පෙන්වා දුන්නා ය.

රාත්‍රී කාලය වෙනදා මෙන් නොව, උණුසුමින් යුක්ත බවත් පොළොව සිසිල්වීම අඩු බව ඊට බලපාන බව ද ඇය පැවසී ය.

ඊයේ (12) සිට නැවතත් ඉන්දියාවේ සිට සුළං හැමීම ආරම්භ වී ඇති බවත් සීතල සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

 

Rate this item
(0 votes)