May 18, 2024

කුවේට්හි වද හිංසනයන්ට ලක් වූ 80 ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ විවිධ හිංසනයන්ට ලක් වූ තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් අද (13) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද පෙරවරු 06. 50ට පමණ යූ.එල් 230 ශී‍්‍ර ලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කරයි. එම පිරිසට 80 දෙනෙකු ඇතුළත්වන බවත් ඒ අතර කාන්තාවන් ද සිටින බවත් වාර්තා වේ. 

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේ දී එම පිරිස භාර ගෙන ඇති අතර ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් ද සැලසීමට ද එම කාර්යංශය කටයුතු යොදා තිබේ.

ටී.කේ.ජී. කපිල 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 13:15