May 18, 2024

මාවන් අතපත්තුට විදෙස් කණ්ඩායමක තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මාවන් අතපත්තු මහතා සිම්බාබ්වෙ ක්‍රිකට් කණ්ඩායමේ නව විශේෂඥ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මාවන් අතපත්තු තම කණ්ඩායමේ නව විශේෂඥ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක ද සඳහන් වේ.

මාවන් අතපත්තු පිතිකරණ තාක්ෂණය අතින් විශිෂ්ට ගනයේ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ඔහු 2014 වසරේ අප්‍රේල් මාසයේ සිට 2015 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාවන් අතපත්තු ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කර ඇති අතර රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5502 කි.

ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩි ම ද්විත්ව ශතක රැස් කළ පිතිකරුවන් අතර 6 වන ස්ථානයේ පසු වේ.

Rate this item
(0 votes)