May 18, 2024

පෙම් යුවල ළිඳට පනියි පෙම්වතිය බේරෙයි

යාපනය කෝපායි ප්‍රදේශයේ දී වැඩිහිටියන්ගේ විරෝධය හේතුවෙන් පෙම් යුවලක් ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහකර තිබේ.

ඊයේ (12) සිදුවූ මෙම සිදුවීමෙන් පෙම්වතා මියගොස් ඇති බවත් පෙම්වතියගේ ජීවිතය බේරී ඇති බවත් යාපනය කෝපායි පොලීසිය ප්‍රකාශකර සිටී.

මෙසේ සියදිවි හානිකර ගැනීමට උත්සාහකර ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි 19 හැවිරිදි එස්. දිනේස්කුමාර් සහ 21 හැවිරිදි යෝගරාසා අනූසියා යන දෙදෙනා ය.

පෙම්වතිය වසර දෙකකින් වැඩිමහල්වීම ආදි කාරණා කිහිපයක් නිසා මෙම ප්‍රේම සම්බන්ධතාවයට දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ දැඩි විරෝධය කිහිප අවස්ථාවකදීම එල්ලවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම නිවසෙන් පලාගොස් තිබේ.

ඔවුන් දෙදෙනා ඊයේ දින කෝපායි ප්‍රදේශයේ පිහිටි ළිඳක් අසල රැඳී සිටින බව අසල්වැසියන් විසින් දැක ඇති අතර එය එම පෙම් යුවලගේ ඥතීන්ට දැන්වීමෙන් පසුව ඥාතීන් විසින් පෙම් යුවල අල්ලා ගැනීමට ගත් උත්සහයකදී දෙදෙනාම අදාල ළිඳට පැන සිය දිවි නසාගැනීමට උත්සහ දරා ඇති බවට කෝපායි පොලීසිය ප්‍රකාශ කරයි.

මොවුන් දෙදෙනා ළිඳට පැනීමෙන් අනතුරුව 19 හැවිරිදි එස්.දිනේස්කුමාර් නැමැත්තා මිය ගොස් ඇති අතර 21 හැවිරිදි පෙම්වතිය ළිඳ තුල තිබූ බටයක් අල්ලාගෙන දිවි බේරාගෙන තිබේ.

අසල්වැසියන්ගේ සහය මත ඔවුන් දෙදෙනා ගොඩට ගෙන ඇති අතර මේ පිළිබඳව මූලික පරික්ෂණ කෝපායි පොලීසිය සිදුකරයි.

රෝමේෂ් මධුෂංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 12:02