May 18, 2024

පීකොක්‌ මන්දිරයේ මහින්දගේ රත්තරන් හංගලාලු? - ඇත්ත සෙවීමට ඒ. එස්‌. පී. තීරණය කරයි

තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර ඇත.

මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බව ඒ. එස්‌. පී. ලියනගේ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙම පිහිනුම් තටාකයේ වැලි පොලිසිය මගින් පරීක්‍ෂණයට ලක්‌කළ හැකි බව ද ලියනගේ මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 15:43