May 09, 2024

ගිරිතලේ බුද්ධි අංශ කඳවුරට සීල් තබයි

ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුර හදිසියේම මුද්‍රා තැබීමට යුද හමුදාපතිවරයා ඊයේ (12) නියෝග කර තිබේ.

එම කඳවුරේ තිබු සියලූම ලිපිලේඛනද යුද හමුදා පොලීසිය භාරයට ගෙන තිබේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණය සහ ඊට අදාළ අධිකරණමය ක්‍රියාමාර්ගය මීට ආසන්නම හේතුව වී අැති බවට වාර්තා වේ.

එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූ කාලයේදී (2009 ජනවාරි මාසය සහ ඒ ආසන්න කාලයේදී)  ගිරිතලේ බුද්ධි අංශ කඳවුරේ සේවය කළ සියලුම බුද්ධි අංශ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමට තීරණ කර ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳව අප යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතන සිදුවීමට අදාළ වාර්තා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර, ඒවා සොයාගැනීම පිණිස මෙසේ එම කඳවුර මුද්‍රා තබා ඇති බවයි. 

ලැබෙන වාර්තා කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)