May 08, 2024

'හමුදාපතිට නඩු දාන බවක් මම දන්නේ නෑ' - ආරක්ෂක ලේකම්

හමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට ඇති සූදානමක් පිළිබඳව තමා නොදන්නා බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි.

එමෙන්ම ඒ පිළිබඳව කිසිවක්‌ තමන් වෙත දන්වා නොමැති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධියට අදාළ කිසියම් කාරණයක්‌ මුල්කරගෙන එසේ නඩු පවරන බව තමන්ට නිල නොවන මට්‌ටමින් දැන ගන්නට ලැබී ඇති බව ද ත්‍රිවිධ හමුදාවට මඩගහන්න කිසියම් පිරිසක්‌ සැලසුම් කරන්නේ ද යන්න පිළිබඳව තමන්ට සැක මතු වී ඇති බව ද හෙට්ටිආරච්චි මහතා පවසා තිබෙන අතර කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන් කටයුතු කර ගෙන යන බව ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)