May 08, 2024

වකුගඩු රෝගීන් අනතුරේ - ‘වන් ඇල්ෆා’ හිඟයක්

වකුගඩු රෝගීන්ගේ අස්ථි සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන ‘වන් ඇල්ෆා’ ඖෂධ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක නොමැතිවීම හේතුවෙන් රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත් ව ඇතැයි වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

වකුගඩු රෝගයට ලක් වූ රෝගීන්ගෙන් 98% ක් මෙම ඖෂධ දිනපතා ලබාගත යුතු අතර රෝහල් තුළ නොමැතිවීම හේතුවෙන් එය ඖෂධහල්වලින් ලබා ගැනීමට සිදු ව ඇති බවත් එහෙත් ඖෂධහල් තුළත් මේ වනවිට ඖෂධ හිඟයක් පවතින බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක අගුනොච්චියේ කුමාර කාශ්‍යප හිමියෝ පැවසූහ.

මෙම හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසැල් තුළින් මීට පෙර රුපියල් 10 කට අලෙවි කළ ‘වන් ඇල්ෆා’ ඖෂධය රුපියල් 40 දක්වා මිල ඉහළ දමා ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

Rate this item
(0 votes)