May 09, 2024

වැසිකිළියේදී වූ අභිරහස් අනතුරක්

අවිස්සාවේල්ල, මානියංගම, ගලබලනකන්ද ප්‍රදේශයේ පදිංචි 17 වියැති තරුණයකුගේ ගෙල ප්‍රදේශය අභිරහස් ලෙස කැපී බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

පසුගියදා මෙම තරුණයා සිය සහෝදරයා සමඟ නිවසේ සිටි අවස්ථාවේ වැසිකිළියේ සිට එක්වරම ගෙල ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සහිතව දිව අවුත් සොහොයුරා අසල වැටුණු බව සොහොයුරා විසින් පොලිසියට පවසා ඇත.

අනතුරුව ඔහු වැසිකිළියට ගොස් බැලීමේදී වැසිකිළිය ඇතුළත රුධිරය තැවරුණු පිහියක් සහ වැසිකිළියේ රුධිරය ගලමින් පැවැති බව ඔහු දුන් කටඋත්තරයේ සඳහන් වේ.

කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිය සොහොයුරා අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන යෑමටද ඔහු කටයුතු කර ඇති අතර බරපතළ තුවාල ලැබූ මෙම 17 වියැති තරුණයාගේ ගෙල අධික ලෙස කැපී තිබීම නිසා කිසිදු ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 09:22