May 08, 2024

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් එලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදු ව ඇති බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 05 කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු කියා සිටී.

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමත් සමග ඒවා අලෙවි කර ගැනීමේ දැඩි දුෂ්කරතාවකට බේකරි හිමියන් මුහුණ දී සිටින බව ද හෙතෙම පැවසී ය.

මේ වනවිට දිවයිනේ බේකරි හිමියන් වැඩි පිරිසක් නිෂ්පාදනවල මිළ ඉහළ දමා තිබුණ ද ඒ පිළිබඳ බේකරි හිමියන්ගේ සංගමය  පාරිභෝගික අධිකාරිය දැනුවත් කර නොමැති බව වාර්තා වේ.

දැනුම් දීමකින් තොරව බේකරි නිශ්පාදන මිළ ඉහළ දැමීමක් සිදු වුවහොත් ඊට අදාළ වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)