May 08, 2024

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට 

ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමානියම් ජයිෂංකර් අද (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දුත පිරිස අද පෙරවරු 11. 10ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කරයි. 

ඉන්දු ලංකා ඒකාබද්ධ කොමිසමේ කටයුතුවලට අදාළව මූලික කටයුතු සාකච්ඡා කිරීම එම සංචාරයේ මූලික අරමුණ ය.

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් පෙබරවාරී මස මුල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඊට අදාළ කටයුතු සාකච්ඡා කිරීම ද ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයේ තවත් අරමුණකි. 

ඔවුන් අද දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ද මුණ ගැසීමට නියමිතයි. 

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දුත පිරිස ඉන්දියාවේ මූල්‍යාධාරයෙන් පිළිසකර කෙරුණු යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වේ.

ටී.කේ.ජී. කපිල 

Rate this item
(0 votes)