May 07, 2024

දෙමටගොඩ පැහැර ගැනීමේ සිද්ධියේ CCTV දර්ශන මොරටුව සරසවියට

දෙමටගොඩදී වෙළඳ සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධියේ ඩීවීඩී වීඩියෝ හා පටිගත කළ සීසීටීවී දර්ශන ද මන්ත්‍රීවරිය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝ දර්ශන මොරටුව විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා වැල්ලම්පිටිය පොලීසියට නියෝග කළේය.

සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය ගැන යම් අයිතිවාසිකමක් ඇත්නම් ලබන නඩු දිනය වන ජනවාරි 26 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරියට නියෝග කළාය.

ඩිෆෙන්ඩර් රථය ගැන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ දෙමටගොඩ වෙළඳ සේවකයා පැහැර ගැනීමට යොදාගත්තැයි කියන එම රිය මුදාහරින්නැයි නීතිවේදී ගුණරත්න වන්නිනායක මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කළැයි කියන අපහාසාත්මක ප්‍රකාශය ගැන විමසීමට ඔහු උසාවියට කැඳවන්නැයි ද නීතිඥවරයා ඉල්ලා සිටියේය. 

මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේ තමා කටයුතු කරනුයේ දූෂමාන ආරංචි මත නොවන බවයි. 

එම නඩු විභාගය ජනවාරි 26 වැනිදාට කල් තැබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ ආධාරකරුවෝ පිරිසක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

 

Rate this item
(0 votes)