May 07, 2024

කොළඹ රාජකීයේ නව විදුහල්පති අබේරත්න?

කොළඹ රාජකීය විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයා වන බී.ඒ.අබේරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.

රාජකීය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති උපාලි ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

බී.ඒ. අබේරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියදී අධ්‍යාපන අමාත්‍යංශයට මාරුවීමක් ලැබ එහි ප්‍රධාන ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

පසුව ඔහු කොළඹ තර්ස්ටන් විදුහලෙහි විදුහල්පතිවරයා ලෙස පත්විය. උපාලි ගුණසේකර මහතා 2003 වසරේ සිට වසර 12 ක පමණ කාලයක් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළේය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2016 15:12