May 08, 2024

නිධන් හෑරූ පොලිස් ලොක්කා යළිත් රිමාන්ඩ්

වවුනියාව,කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හෑරීමක් සම්බන්ධව අත්අඩංගුවටගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යළිත් පෙබරවාරි 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියමකර තිබේ.

අද නඩු වාරය විභාගයටගත් අවස්ථාවේදී (12) ඇප ලබා දීම ප්‍රතික්ෂේප වීමෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන යන අය මෙසේ පෙබරවාරි මස 02 වැනිදා දක්වා නැවත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළ අතර පැමිණිලි පාර්ෂවයෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොළඹ අධිකරණයේදී වෙනත් විශේෂ නඩුවකට පෙනී සිටින බැවින් නොපැමිණිනෙන බවට පැමිණිලි පාර්ෂවයෙන් දැනුම් දීමෙන් පසුව නඩුව කල් දැමීමටත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමටත් මහෙස්ත්‍රාත් වරයා නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප වූ අතර සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් මීට පෙර පැවති නඩුවාරයන්හි වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට දඩ නියම විය. 

රොමේෂ් මධුසංඛ - වන්නි

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)