May 07, 2024

විද්‍යා ඝාතන නඩුව නව මහේස්ත්‍රාත්වරයෙකු යටතට

යාපනය පුන්කුඩිතිව් ප්‍රදේශයේදි සමූහ දූෂණයකට ලක්ව මියගිය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩු විභාගය කයිට්ස් නව මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) නැවත විභාගයට ගනු ලැබීය.

කයිට්ස් පොලිසිය පැවසූවේ අදාළ නඩු විභාගය ආරම්භ වු දින සිට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ලෙස සේවය කළ එස්.ලෙනින්කුමාර් මහතා යටතේ ක්‍රියාත්මක වු අතර, එම මහේස්ත්‍රාත්වරයා ස්ථාන මාරුවක් ලබා පිටත්ව යාම හේතුවෙන් නඩු විභාගය නව මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා යටතේ යළි විභාග කිරීම ආරමිභ වු බවයි.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වැනිදා විද්‍යා දැරිය යාපනය පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙමින් සිටියදි සමූහ දූෂණයට ලක්ව මියගිය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 2015 මැයි මාසයේදි සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට පත් වු අතර 2015 දෙසැම්බර් මාසයේදි තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට පත්විය.

සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අංක 05, 06 හා 10 යන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් සැකකරුවන් සම්බන්ධයෙන් විද්‍යාගාර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍යය නිසා සැකකරුවන් නැවත ජනවාරි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කයිට්ස් නව මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග ලබා දී තිබේ.

රොමේෂ් මධුසංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2016 11:57