May 05, 2024

කොළඹ රාජකීයේ විදුහල්පති අධ්‍යාපන අමාත්‍යංශයට?

අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශනයක නිර්දේශ මත කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා අද (11) හෝ හෙට (12)   අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයයේ වැඩිපුර පන්තියක් පවත්වාගෙන ගියේ කෙසේද යන්න සොයා බලා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

Rate this item
(1 Vote)