May 05, 2024

ජනපතිගේ ගීතය නිල ගීතයද? - ජනපති ලේකම් කතා කරයි (VIDEO)   

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් කිසිදු නිල ගීතයක් නිකුත් කර නොමැති බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

'නුඹ අපි මිනිසෙක්' යනුවෙන් පසුගිය දා ආන්දෝලනයකට ලක්වූ ගීතය ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුදැනුම මත පලවුවක් නොවන බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අදාළ ගීතය සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි ලෙස විවේචනයකට ලක් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිර්මාණය කල එම ගීතය පැය 24ක් ගෙවීයත්ම යූටියුබ් වෙබ් අඩවියෙන් (youtube) ඉවත් කර තිබේ.

ඉතිහාසයේ රජකල රජවරුන් අහසින් පැමිණ ජනපති මෛත‍්‍රීගේ පාලනයට ආශිර්වාද කරනු එම විඩීයෝවේ දක්නට ලැබුණි. මෙම ගීතයට පැය කිහිපයක් තුළදී විශාල ලෙස ප්‍රතිචාර ලැබී තිබිණි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Monday, 11 January 2016 15:09