May 05, 2024

මීතොටමුල්ල කුණු කන්දේ ගැටුම: නුවන් හා කීර්තිට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් ඇප මත නිදහස්වී තිබේ.

අලුත්කඩේ අංක 2ක මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනා අද(11) ඉදිරිපත් කළ අතර එහිදී එක් අයෙකුට ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත මොවුන් දෙදෙනා මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

නීතිඥ නුවන් බෝපගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කරුණු දක්වමින් මෙම අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් ‍ද්වේශ සහගතව කරන ලද බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියමකරමින් නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 28 වැනිදා දක්වා කල් තබා ති‍බේ.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් පොලීසියට නියම කර තිබේ.

Rate this item
(0 votes)