May 05, 2024

රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉවතට

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ උපාලි ගුණසේකර මහතා මාරු කර යවා ඇති බව වාර්තා වේ.

ඔහුට එල්ල වී ඇති විවිධ දූෂණ චෝදනා මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ගුණසේකර මහතාට විරුද්ධව පැමිණිලි ද විශාල ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව පැවසේ.

2003 වසරේ නොවැම්බරයේ සිට උපාලි ගුණසේකර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ අතර ඔහුගෙන් හිස් වෙන විදුහල්පති ධූරය සඳහා වැඩබලන විදුහල්පති කෙනෙකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)